Saturday, February 4, 2012

පුරුෂ මඳසරු භාවය 'කාන්තා'


සෑම අලුත විවාහ වූ යුවලකගේ ම පැතුම දරුවකුයි. ඒ සඳහා ගර්භනී භාවය නම් අවධිය පසු කළ යුතුයි. ඩිම්බයක්‌ සංසේචනය වීමෙන් සෑදෙන කලලය ගර්භාෂය තුළ තැන්පත් වීමෙන් ගර්භනී භාවය ඇරඹේ. මෙලෙස ඩිම්බයක්‌ ශුක්‍රාණුවක්‌ මගින් සංසේචනය වීම සඳහා අවශ්‍ය අවම සාධක කීපයක්‌ ඇත. එනම් හොඳින් මේරූ ගුණාත්මක භාවයෙන් යුත් ඩිම්බයක්‌ සහ හොඳින් ක්‍රියාකාරී, නිවැරදි ගුණාත්මක භාවයෙන් යුත් අවම ශුක්‍රාණු සංඛ්‍යාවන් ය. මෙම අවම ශුක්‍රාණු ප්‍රමාණය ඩිම්බයේ පිටත ආවරණයට ආසන්න වන විට ඉන් එක්‌ ශුක්‍රාණුවක්‌ පමණක්‌ ඇතුල් වීමට ඩිම්බයෙන් අවසර ලැබේ. මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අවම ශුක්‍රාණු ප්‍රමාණයක්‌ ඇත. එවන් ශුක්‍රාණු ප්‍රමාණයක්‌ ඩිම්බය කරා ළඟා වීමට එක්‌ ශුක්‍ර මෝචනයකදී ශුක්‍රාණු මිලියන 20 කට වඩා තිබිය යුතු යෑයි ගණනය කොට ඇත. මෙම අගයන් විවිධ තත්ත්වයන් යටතේ වෙනස්‌ විය හැක. කෙසේ වෙතත් ස්‌වභාවික සංසර්ගයේ දී ශුක්‍රාණු පිටවන්නේ යෝනි මාර්ගය තුළය. මෙම ශුක්‍රාණු අතුරින් වේගයෙන් ඉදිරියට පිහිනා යා හැකි ශුක්‍රාණු ගැබ් ගෙළ හරහා ගර්භාෂය තුළට පිවිසේ. මේ වන විට මේරූ ඩිම්බයක්‌ ඩිම්බ කෝෂයෙන් පිට වී පැලෝපීය නාලය හරහා ගමන් කරමින් ඇත්නම් මෙම ශුක්‍රාණු මඟින් එවන් ඩිම්බයක්‌ සංසේචනය වීම සිදු විය හැක. එලෙස සංසේචිත ඩිම්බය හෙවත් කලලය ගර්භාෂ පටලයේ ඇලීමෙන් ගැබ් ගැනීම ඇරඹේ. ශුක්‍රාණුවල යම් යම් ගැටලු පවතින විට මෙම සිදුවීම සිදු නොවේ. එනම් ශුක්‍රාණු ප්‍රමාණය හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයේ ගැටලූ ඇති විට අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණ ඩිම්බය කරා ළඟා වන්නේ නැත. මෙවන් අවස්‌ථා වල ෂඹෂ නැමැති ප්‍රතිකාරය ඉතා ම සුදුසු ප්‍රතිකාරය ක්‍රමයක්‌ ලෙස යෝජනා වේ. මෙහිදී කාන්තාවට ලබාදෙන ඖෂධ මගින් ඩිම්බ මේරිම වැඩි කර එම ඩිම්බ මේරීම යෝනි මාර්ගය හරහා සිදු කෙරෙන ස්‌කෑන් පරීක්‌ෂණ්‍යක්‌ මඟින් අධීක්‌ෂණය කරනු ලැබේ. මෙලෙස ඩිම්බ මේරීම තහවුරු වූ විට එම ඩිම්බ, කෝෂයන් පිටවීම සඳහා එන්නත් ඇයට ලබාදේ.

ඉන්පසු ඩිම්බය පැලෝපීය නාලය හරහා ගර්භාෂය දෙසට ගමන් කරන කාලය නිගමනය කර ශුක්‍රාණු තැන්පත් කිරීම සිදු කෙරේ. ශුක්‍රාණුවල ඉතා ම ගුණාත්මක ශුක්‍රාණු තෝරා ඒවා පිරිසිදු කර තාක්‌ෂණික ක්‍රම මඟින් ගුණාත්මක භාවය වැඩිකර එම ශුක්‍රාණු ගර්භාෂ කුහරය තුළ තැන්පත් කිරීම සිදු කෙරේ. මෙහිදී ඩිම්බය සහ ශුක්‍රාණුව ළං කිරීමක්‌ සිදු වන නමුත් සංසේචනය සිදු වන්නේ ස්‌වභාවිකවය. ඩිම්බයට ඉතා ආසන්නව ශුක්‍රාණු තැන්පත් කිරීම සිදු වන බැවින් ස්‌වභාවිකව ගැබ් ගැනීමට අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණයට වඩා අඩු ශුක්‍රාණු ප්‍රමාණයකින් ගැබ් ගැනීම සිදු වීමට ඉහත කී ක්‍රමය උපකාරී වේ. එබැවින් අඩු ශුක්‍රාණු ප්‍රමාණයක්‌ ඇති පුරුෂයකුගේ ශුක්‍රාණු භාවිත කර සංසේචනයන් සිදු කරවීමට මෙම ක්‍රමය උපකාරී වේ. මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී ශුක්‍රාණු සමග අඩංගු වී ඇති සෛල කොටස්‌, අක්‍රිය ශුක්‍රාණු සහ විෂබීජ සෛල වර්ග ඉවත් කිරීම සිදුවේ. ශුක්‍ර තරඟයේ බහුලව ඇති ජල ප්‍රමණය මෙහිදී ඉවත් කෙරේ. ශුක්‍රාණු ක්‍රියාකාරිත්වයේ සහ සංඛ්‍යාවේ, යම්කිසි අඩුවක්‌ සහිත පුරුෂයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය නිතර ම යෝජනා වන අතර මෙවැනි අයට එය සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පැහැදිලිය.

No comments:

Post a Comment