Friday, February 3, 2012

වියපත් වීමත් සමඟ වෙනස්‌ වන පියයුරුවල හැඩයට ප්‍රථිකාර තිබේ

කාන්තාව සැබවිsන් ම සුන්දරය. ඇයට හිමිව ඇති සුන්දරත්වය නිසා ම අතීතයේ සිට ම පිරිමින් ආකර්ශණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත. නමුත් ඇය වයසට යාමත් සමඟ ශාරීරිකව වන විපර්යාසයන් සමඟ වියපත් වීම ඇති වන අතර එයින් ඇය අවලස්‌සන වීමක්‌ සිදුවේ. 

විශේෂයෙන් ම ශරීරයේ ඇතැම් කොටස්‌ වියපත් වීමෙන් සුන්දරත්වයට හානියක්‌ සිදුවේ. ඒවා එසේ නොවී පවත්වා ගැනීම සඳහා ප්‍රථිකාර අද ලෝකයේ ඇත. කාන්තාවන් වයසට යැමත් සමඟ වියපත් වන පියයුරු නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නූතන වෛද්‍ය විද්‍යාවේ සාර්ථක ප්‍රථිකාර ඇති බව ඔබ දන්නවාද? 

ඇතැම් කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි? 

පියයුරු එල්ලා වැටීමට බලපාන කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතර කාන්තාවකගේ සාමාන්‍ය බර වේගයෙන් අඩුවීම නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇතිවිය හැකියි. ඊට අමතරව මව් පදවියෙන් පිදුම් ලබන කාන්තාව දරුවාට කිරි දීම නිසා ද පසුකලෙක දී පියයුරු එල්ලා වැටීමක්‌ සිදුවේ. අනෙක්‌ කාරණය වන්නේ කාන්තාව වයසට යාමත් සමඟ පියයුරේ ඇති මේද ප්‍රමාණය ඉවත් වීම යි. 



මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම සඳහා බලපාන්නේ කුමක්‌ද? 

කාන්තාවගේ පියයුරු සෑදී ඇත්තේ කිරි නිෂ්පාදනය වන ග්‍රන්ථි වලින් සහ මේදය තැන්පත් වීමෙනි. පියයුරක මේදය තැන්පත් වීම 60%-70% ක්‌ වන අතර අනෙක්‌ කොටසේ පවතින්නේ ග්‍රන්ථීන් වේ. ඉහත අපි සඳහන් කළ කාරණා මඟින් මේදය ඉවත්වීම තුළින් එහි තරුණ ස්‌වභාවය වෙනස්‌ වී එල්ලා වැටීමක්‌ ඇති විය හැකි ය. මෙසේ වීමෙන් සිදුවන්නේ කාන්තාවගේ ශරීරයේ සුන්දරත්වය අඩුවීම සහ ඇඳුම් ඇදීමේ දී ලැබෙන පෙනුම නැතිවීම යි. මෙය ඇගේ පෞරුෂත්වයට හානියකි. ඇතැම් විට කාන්තාවට මානසික වදයක්‌ ඇති කිරීමට ද මෙවැනි තත්ත්වයන් බලපෑ හැකි යි. 


පියයුරක එල්ලා වැටීමේ පෙනුම වෙනස්‌ කරමින් එය යථා තත්ත්වයට පත් කළ හැකිද? 

නූතන ලෝකයේ වෛද්‍ය විද්‍යාව තුළ ඒ සඳහා ප්‍රථිකාර මෙන් ම ශල්‍යකර්ම මඟින් පෙනුම වෙනස්‌ කිරීමේ හැකියාව ද තිබේ. විශේෂයෙන් බටහිර ලෝකයේ මෙන් ම අද වන විට ආසියාතික කලාපයේ ද කාන්තාවන් මෙවැනි ප්‍රථිකාර වලට යොමු වෙමින් පියයුරු වල ස්‌වභාවය වෙනස්‌ කර ගනී.

ලංකාවේ ද මෙවැනි ප්‍රථිකාර සිදුකරනා අතර ඒ සඳහා සාමාන්‍ය මුදලක්‌ අය කෙරේ. 

අප මුලින් සඳහන් කළ පරිදි පියයුරේ ඇති මේදය ඉවත් වීමෙන් එය එල්ලා වැටෙන හෙයින් මෙහි දී සිදුකරන්නේ මිනිස්‌ ශරීරයේ වයසට නොයනා තැන් වල ඇති මේදය ගෙන නැවත පියයුරේ තැන්පත් කිරීමකි. විශේෂයෙන් බඩ, පිට, අත් යට, කලවා, ප්‍රදේශයේ ඇති තරුණ මේදය ගෙන පියයුරේ තරුණ පෙනුම ලබා ගැනීම සඳහා එන්නතක්‌ ආධාරයෙන් තැන්පත් කිරීමක්‌ සිදු කරයි. මෙය කරනු ලබන්නේ එම ප්‍රදේශය හිරිවැට්‌ටීමක්‌ මගින් පමණි.මෙම ප්‍රථිකාර ක්‍රමයේ දී ශල්‍යකර්මයක්‌ නොකර යි. සතියකින් පමණ පියයුර යථා තත්ත්වයට පත් වී තරුණ පෙනුම ඇතිවේ. සාමාන්‍යයෙන් වියපත් වීමත් සමඟ බොහෝ සේ එල්ලා වැටෙන පියයුරක්‌ සඳහා ශල්‍යකර්මයක්‌ මඟින් පියයුරේ පෙනුම වෙනස්‌ කරයි. මෙහි දී කරනු ලබන්නේ තන පුටුව වටේ ඇති කළුපාට කොටස (Areok) වටේ කැපුමක්‌ යොදා එහි හැඩය සාදා ගැනීම සිදුකරයි. මෙහි දී එම කැපුම පසුව පැහැදිලිව නොපෙනේ. එම නිසා ශල්‍යකර්මයෙන් පසුව පියයුර අවලස්‌සන නොවේ. මෙම ප්‍රථිකාර ක්‍රම දෙකෙන් ම අතුරු ආබාධ සිදු වන්නේ නැත. තරුණ කාන්තාවක්‌ නම් විවාහ වීම, දරුවන් ලබා ගැනීම සහ මව් කිරි ලබාදීම වැනි කාරණා වලට බාධාවක්‌ සිදු නොවේ. ඇතැම් විට මෙම ප්‍රථිකාර දෙක ම කෙනෙකුට එක ම අවස්‌ථාවක දී භාවිතා කළ හැකියි. 

No comments:

Post a Comment