Saturday, February 25, 2012

කාන්තාවකගේ දෑස් වල පිහිටීමෙන් ඇය ගැන කියන රහස්.


ඇස් දෙකෙහිම වපරයක් පිහිටි කාන්තාව සැමියාට විරුද්දව කටයුතු කරයි.

දකුණු ඇස වපරනම් එම කාන්තාව වද බැවින් යුක්ත වේ.

වම් ඇස වපරනම් එවැනි කාන්තාව අනාචාරයේ හැසිරේ.

කුඩා හීනි දිගටි ඇස් ඇති කාන්තාව හොද තීක්ෂණ බුද්දියක් ඇති කාන්තාවන් වේ. මොඋන් හොද
ඉවක් ඇති කාන්තාවන් වේ.

අදුරු පැහැති ඇස් ඇති කාන්තාව ජීවිතයෙහි කිසිම දවසක සුබවාදීව යමක් දකින්නේ නැත.

ඇස් තද කළු පැහැයෙන් යුක්ත කාන්තාව නිතරම සතුටින් සිටී.

කාන්තාවකගේ ඇගිලි වල පිහිටීමෙන් කියවෙන රහස් සමග නැවත හමුවෙමු.

Saturday, February 11, 2012

පුරුෂ කොන්ඩමය


පුරුෂ කොන්ඩමය
කොන්ඩමයක් යනු කුමක් ද?රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි.
එය ක්‍රියා කරන්නේ කෙසේ ද?
මෙය, ලිංගික ස්‍රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි.
නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි.
මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි.
මින් ලැබෙන වාසි මොනවා ද?
  1. ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි.
  2. ඉතා ආරක්ෂිත ක්‍රමයකි
  3. HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි.
  4. දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි.
  5. පිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි.
  6. ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක.

      බාවිතා කරන අන්දම
  1. පළමුවෙන් පැකට්ටුවේ සදහන් කර ඇති  කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.
  2. පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙළවරෙන් පමණි.අනෙක් පැති වලින් විවෘත කරන්නට උත්සහ දැරුවහොත් කොන්ඩමය ඉරී තුවාල විය හැක.
  3. කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේ පමණි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වැළකී සිටින්න.
  4. කොන්ඩමය පැළදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.
  5. කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙරය. ශුක්‍රාණු විසර්ජනය(පිටතට විදීමට) වීමට ප්‍රථම නිකුත්වන ස්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිණි.
  6. පැළදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.
  7. කෙළවර බුබුල මිරිකා හරිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.
  8. කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානි පැමිණීමට ඉඩ ඇත.
  9. එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එකම වතාවක් පමණි.නු විනා එය නැවත වාරයක් භාවිත කළ නොහැක.නැවත වතාවකට යොදා ගත යුත්තේ අලුත් කොන්ඩමයකි.
  10. ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් පසු ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.
  11. කොන්ඩමය පාවිච්චි කර ඉවත් කල පසු එය වළලා හෝ පුළුස්සා දැමිය යුතු අතර වැසිකිලිය තුලට හෝ තැන තැන දැමීම සුදුසු නොවේ.එනිසා එසේ කිරීමෙන් වැළකී සිටින්න. 
  12. ලිංගික රසාස්වාදය වඩ වඩාත් තීව්ර කිරීමට හා වර්ධනය කිරීම‍ට විවිධාකාරයෙන් නිශ්පාදනය කර ඇති, (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම් හා‍ දැති සහ බුබුලු සහිත මතුපිටක්  සහිතව නිශ්පාදනය කර ඇති  කොන්ඩම්) කොන්ඩමයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව පවතී.නමුත් මේවාද වරක් පාවිච්චි කිරීමට ඉඩක් නොමැත.

පුරුෂ කොන්ඩමයක් පැළදිය යුතු ආකාරය








කොන්ඩමයට හානි නොවන ආ ප්‍රකාරයෙන් එය පැකට්ටුවෙන් ‍එළියට ගෙන කොන්ඩමයේ වැසුණු කෙළවර ඇතා පුඩුවේ රූපයේ පෙනෙන ආකාරයට ඇගිලි තුඩින් මිරිකා අල්ලා ගෙන විවරය සහිත පැත්තෙන් ශිෂ්ණය වැසී යන පරිදි පලදින්න.








රූපයේ පෙනෙන ආකාරයට එය ශිෂ්ණයේ ඉහළ කෙළවර තෙක් දිග හරිමින් අග ඇති බුබුලක් වැනි පුඩුවේ රැදී පවතින වාතය ඉවත් කර හරින්න.








කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය හොදින් ප්‍රාණවත් වු පසුවයි.








ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය නැවත අප්‍රාණික වෙන්නට (පෙර තිබූ ස්වභාවයට පත් වෙන්න‍ට පළමු  කොන්ඩමය ශිෂ්ණ‍යෙන් ඉවත් කරන්න.








 ඉවත් කිරීමේදි එහි ඇති තරලය යෝනි මගෙහි තැවරෙන්නට ඉඩ නොහැරිය යුතුයි.එමෙන්ම එය  ඉහිරීම වැළැක්වීමට ගැටයක් ගසා, කොන්ඩමය ප්‍රවේසමෙන් කඩදාසියක ඔතා විසිකර දමන්න.

කොන්ඩමයක් අසාර්ථක නියහැක්කේ කෙසේද

  1. වැරදි හා අක්‍රමවත් භාවිතය
  2. හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම,කොන්ඩමයේ වාතය ා යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත
කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු
  1. නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම
  2. වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන්
  3. බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය
  4. වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම
කොන්ඩමය කැඩුන විට හා  හෝ ගැලවී ගියහොත් ......
  1. සංසර්ග ක්‍රියාව නවත්වන්න
  2. භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න
  3. සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.
  4. ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි  Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.
  5. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ‍රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවද
  1. වරක් බාවත කල කොන්ඩමයක් නැවත භාවිත කල නොහැකිවීම.ලිංගිකව එක්වන සැම වාරයකම අලුත් කොන්ඩමයක් භාවිත කිරීම.
  2. සැමවිටම එය  ළග තබාගෙන සිටිය යුතු වීම
  3. කලාතුරකින් රබර්වලට හෝ ලේටෙක්ස්වලට ආසාත්මිකතාවයක් ඇතිවිය හැකි වීම.   

 ලබන කලාපයෙන් කාන්තා කොන්ඩ්මයේ විස්තර සමග නැවත හමුවෙමු....


කාන්තාවන්ගේ දෙතොල් වලින් කියවෙන රහස්.



  • ඉතා ගනව්ව විශාල තොල් ඇති යුවතිය රාගාදිකය තම චරිතය කෙලෙසා ගනී.
  • උඩු තොල දිකෙව පිහිටි කාන්තාව පරිත්‍යාග ශිලී කාන්තාවක් වේ. දනට පිනට කැමතිය තම දරුවන් හට මහත් සේ ආදරය කරයි. දැහැමින් කාලය ගතකරයි.
  • උඩු තොලට වැඩා යටි තොල මහත්ව පිහිටි කාන්තාව ආඩම්බර ගති ඇති නිතරම් ප්‍රීතියෙන් පසුවන විවාහ ජීවිතය සතුටින් ගතකරන අයෙක වෙයි.
  • ලා රෝස පාට තොල් ඇති කාන්තාව වාසනාවන්ත විවාහ දිවියකට උරුම කම කියයි සියලු සැප සම්පත් දෙන සැමියෙක් ඇයට හිමියි.
  • තොල් එල්ලා වැටුණු ස්වරුපයෙන් යුත් කාන්තාව කිසි දෙයකින් සතුටට පත කල නොහැකි වේ.
  • තොල් මනා හැඩයකින් යුත් කාන්තාව පුරුෂයින් වශී  කර ගනී.
  • තොල් තදව  එකිනෙක ගැටී කාන්තාව ස්ථිර අදහස් වලින් යුක්ත වේ.
  • තද කළු පාට තොල් ඇති කාන්තාව තම සැමියා යටත් කරගෙන ජිවත් වීමට උත්සහ කරයි.
  • උඩු තොල සහ යටි තොල එක හා සමාන පිහිටි කාන්තාව හට සියලු දේ සම සමව සිතන සැමියෙක් හිමිවේ.
                 දෙවන කොටසින් කාන්තාවකගේ දෑස් වල පිහිටීමෙන් ඇය ගැන රහස් සමග හමුවෙමු.

විදුලි බිල අඩු කරගැනීමට නම්...

ඈත ගමනක්‌ යනවිට
ශීතකරණය ක්‍රියාවිරහිත කර යන්න


එදිනෙදා නිවෙසේ දී ඔබ විදුලි භාණ්‌ඩ මිලදී ගැනීමේ දී නිවෙසෙහි සාමාජිකයින්ට ගැළපෙන පරිදි සහ නිවෙසට අත්‍යවශ්‍ය වන පරිදි භාණ්‌ඩ තෝරා බේරා ගෙන මිලදී ගැනීම සිදු කරනවාද? ඔබේ නිවෙසේ එදිනෙදා පාවිච්චියට ගන්නා විදුලි උපකරණ ගැන සිතන්න.ඒ සියලු විදුලි උපකරණ අතරින් ඔබට නැතිවම බැරි උපකරණය ශීතකරණය බව නම් සැබෑවකි. අතීතයේ ශීතකරණය වැනි උපකරණ නිවෙසට එතරම් වැදගත් උපකරණයක්‌ නොවුණි. එහෙත් වර්තමානයේ ශීතකරණය නිවෙසට අත්‍යවශ්‍ය උපකරණයක්‌ වී ඇත. ඒ නිසාම සෑම නිවෙසකම ආහාර ගබඩා කර තබා ගැනීම සඳහා ශීතකරණය පාවිච්චියට පුරුදු වී තිබේ. ශීතකරණය භාවිතයට පුරුදු වූ ඔබ එය පාවිච්චි කිරීමේ දී කරුණු කිහිපයක්‌ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. බොහෝ නිවෙස්‌ වල භාවිතා කරන්නේ නිවෙසට සහ සාමාජිකයින්ට ගැළපෙන ශීතකරණයක්‌ නොවේ.

ඔබේ නිවෙසට ශීතකරණයක්‌ අවශ්‍යම ද? නැද්ද? යන කාරණය මෙහිදී වැදගත්. ඔබේ නිවෙස අසල අලුත් එළවළු, මස්‌, මාළු ඉතා පහසුවෙන් මිලදී ගත හැකි වෙළඳසැල් තිබියදීත් ඔබ අනවශ්‍ය ලෙස ආහාර ශීතකරණයේ පුරවා ගෙන සිටීම සුදුසු නොවේ. එවැනි අවස්‌ථාවලදී ඔබට ශීතකරණයේ ගබඩා කළ වියෑළුණු ආහාර පරිභෝජනයට ගන්නවාට වඩා අසල වෙළඳසැලෙන් අලුත් එළවළු මිලදී ගත හැකිය.

ඔබේ නිවෙසේ ශීතකරණය විවෘත කර බලන්න. එහි ගබඩා කර ඇත්තේ අත්‍යවශ්‍යම භාණ්‌ඩ පමණද? ජෑම් බෝතලය, පැණි බෝතලය, බිත්තර මේ සියලුම දේ ඔබ ශීතකරණයේ ගබඩා කර තිබෙනවා නේද? ඔබ නොදැනුවත්ව හෝ අනවශ්‍ය ද්‍රව්‍ය ශීතකරණයේ ගබඩා කිරීම නිසා ප්‍රමාණයට වඩා විදුලියක්‌ නාස්‌ති වනු ඇත. හැම විටම ශීතකරණයේ ගබඩා කළ යුතු දේ පමණක්‌ ගබඩා කරන්න. සාමාන්‍ය නිවෙසක මාසික විදුලි බිලෙන් සියයට 40 ක ප්‍රමාණයක්‌ වැය වන්නේ ශීතකරණය සඳහායි. විදුලි නාස්‌තිය අවම කර ගැනීමට හැමවිටම ශීතකරණය භාවිතා කිරීමේ දී සැලකිලිමත් වීම වැදගත්. ශීතකරණය රාත්‍රි කාලයට පමණක්‌ ක්‍රියා විරහිත කර තැබීමෙන් විදුලිය පිරිමසා ගැනීමට පුළුවන. සාමාන්‍යයෙන් දුර ගමන් බිමන් යන අවස්‌ථාවලදී ශීතකරණය ක්‍රියා විරහිත කර, එහි ඇති භාණ්‌ඩ ඉවත් කර යැම සුදුසු වේ. ශීතකරණය තුළට උණුසුම් ආහාර නොදැමිය යුතුය. උණුසුම් ආහාර සිසිල් වීමට විදුලිය වැඩි ප්‍රමාණයක්‌ වැය වන බව ඔබ දන්නවාද? ඒ නිසාම උණුසුම් ද්‍රව්‍යයක්‌ ශීතකරණයේ ගබඩා කිරීමේදී හැමවිටම එය සිසිල් වන්නට ඉඩ හැර ශීතකරණයේ ගබඩා කරන්න පුරුදු වන්න. ආහාර පොලිතින් වලින් හෝ සුදුසු පියන් වලින් ආවරණය කළ යුතුය. එම භාජන තද බද නොමැතිව ලිහිල්ව තැබිය යුතුය. මස්‌ මාළු වෙන වෙනම අවශ්‍ය ප්‍රමාණ වලට වෙන්කර පොලිතින් උරවල හෝ මස්‌, මාළු දැමීමට භාවිතා කරන වෙනම බදුන්වල බහා තබන්න. අධික ලෙස සිසිල් වී ඇති මස්‌, මාළු පාවිච්චි කිරීමට පැය කිහිපයකට පෙර ශීතකරණයේ පහළ කොටසේ සිසිල් ගතිය අඩුවන තෙක්‌ තබා ගැනීමෙන් ශීතකරණයේ ඵලදායිතාව වැඩි කර ගත හැකිය.

ශීතකරණයේ දොර නිතර විවෘත කිරීම, නිසි අයුරින් දොර නොවැසීම, වැඩි කාලයක්‌ දොර විවෘත කර තබා ගෙන සිටීම නිසා ඇතුළත සිසිල පවත්වා ගෙන යාමට වැඩි පුර විදුලියක්‌ වැය වේ.

ශීතකරණයේ බීඩිම පළුදු වී හෝ යල් පැන ගොස්‌ ඇත්නම් වහාම අලුත්වැඩියා කරන්න. ශීතකරණය තුළ වැඩිපුර අයිස්‌ බැඳේ නම් දොරවල් හරියාකාරව නොවැසෙන බව කිව යුතුය. එවැනි දොරවල් වල සවිකර ඇති බීඩිම අලුත් වැඩියා කළ යුතුය. නිවෙසට අවශ්‍ය ප්‍රමාණයේ ශීතකරණයක්‌ මිලදී ගැනීම හා අනවශ්‍ය අවස්‌ථා වල ශීතකරණය ක්‍රියා විරහිත කොට හැරීම, ඇතුළත ඇති ආහාරවල ප්‍රමාණයට අනුව සිසිලස පාලනය කිරීම තුළින් ආර්ථික බාධා නොවන අයුරින් ශීතකරණය භාවිතා කළ හැකි වේ.

ඔබේ නිවෙසේ ශීතකරණය කිසිවිටෙක බිත්තියට ආසන්නයේ තැබීම සුදුසු නොවේ. හැමවිටම බිත්තියේ සිට අඟල් හතරක ප්‍රමාණයක දුරින් ශීතකරණය සවි කර තිබීම වැදගත්. විශේෂයෙන් ඔබේ ශීතකරණය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක්‌ ගබඩා කිරීමට පුරුදු වන්න. අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය පුරවා තිබීමත් විදුලිය අපතේ යාමට හේතු වෙයි. නොදැනුවවත්වම හෝ ඔබ අතින් සිදු වන මෙම වැරදි පුරුදු වළක්‌වා ගෙන එදිනෙදා ගෙදරදී නාස්‌තිය අවම වන ලෙස අරපිරිමැස්‌මෙන් කටයුතු කරනවා නම් එය ඔබේ නිවෙසේ දියුණුව ඇති කිරීමට ඔබ ගන්නා උත්සාහයකි.

Saturday, February 4, 2012

පුරුෂ මඳසරු භාවය 'කාන්තා'


සෑම අලුත විවාහ වූ යුවලකගේ ම පැතුම දරුවකුයි. ඒ සඳහා ගර්භනී භාවය නම් අවධිය පසු කළ යුතුයි. ඩිම්බයක්‌ සංසේචනය වීමෙන් සෑදෙන කලලය ගර්භාෂය තුළ තැන්පත් වීමෙන් ගර්භනී භාවය ඇරඹේ. මෙලෙස ඩිම්බයක්‌ ශුක්‍රාණුවක්‌ මගින් සංසේචනය වීම සඳහා අවශ්‍ය අවම සාධක කීපයක්‌ ඇත. එනම් හොඳින් මේරූ ගුණාත්මක භාවයෙන් යුත් ඩිම්බයක්‌ සහ හොඳින් ක්‍රියාකාරී, නිවැරදි ගුණාත්මක භාවයෙන් යුත් අවම ශුක්‍රාණු සංඛ්‍යාවන් ය. මෙම අවම ශුක්‍රාණු ප්‍රමාණය ඩිම්බයේ පිටත ආවරණයට ආසන්න වන විට ඉන් එක්‌ ශුක්‍රාණුවක්‌ පමණක්‌ ඇතුල් වීමට ඩිම්බයෙන් අවසර ලැබේ. මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අවම ශුක්‍රාණු ප්‍රමාණයක්‌ ඇත. එවන් ශුක්‍රාණු ප්‍රමාණයක්‌ ඩිම්බය කරා ළඟා වීමට එක්‌ ශුක්‍ර මෝචනයකදී ශුක්‍රාණු මිලියන 20 කට වඩා තිබිය යුතු යෑයි ගණනය කොට ඇත. මෙම අගයන් විවිධ තත්ත්වයන් යටතේ වෙනස්‌ විය හැක. කෙසේ වෙතත් ස්‌වභාවික සංසර්ගයේ දී ශුක්‍රාණු පිටවන්නේ යෝනි මාර්ගය තුළය. මෙම ශුක්‍රාණු අතුරින් වේගයෙන් ඉදිරියට පිහිනා යා හැකි ශුක්‍රාණු ගැබ් ගෙළ හරහා ගර්භාෂය තුළට පිවිසේ. මේ වන විට මේරූ ඩිම්බයක්‌ ඩිම්බ කෝෂයෙන් පිට වී පැලෝපීය නාලය හරහා ගමන් කරමින් ඇත්නම් මෙම ශුක්‍රාණු මඟින් එවන් ඩිම්බයක්‌ සංසේචනය වීම සිදු විය හැක. එලෙස සංසේචිත ඩිම්බය හෙවත් කලලය ගර්භාෂ පටලයේ ඇලීමෙන් ගැබ් ගැනීම ඇරඹේ. ශුක්‍රාණුවල යම් යම් ගැටලු පවතින විට මෙම සිදුවීම සිදු නොවේ. එනම් ශුක්‍රාණු ප්‍රමාණය හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයේ ගැටලූ ඇති විට අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණ ඩිම්බය කරා ළඟා වන්නේ නැත. මෙවන් අවස්‌ථා වල ෂඹෂ නැමැති ප්‍රතිකාරය ඉතා ම සුදුසු ප්‍රතිකාරය ක්‍රමයක්‌ ලෙස යෝජනා වේ. මෙහිදී කාන්තාවට ලබාදෙන ඖෂධ මගින් ඩිම්බ මේරිම වැඩි කර එම ඩිම්බ මේරීම යෝනි මාර්ගය හරහා සිදු කෙරෙන ස්‌කෑන් පරීක්‌ෂණ්‍යක්‌ මඟින් අධීක්‌ෂණය කරනු ලැබේ. මෙලෙස ඩිම්බ මේරීම තහවුරු වූ විට එම ඩිම්බ, කෝෂයන් පිටවීම සඳහා එන්නත් ඇයට ලබාදේ.

ඉන්පසු ඩිම්බය පැලෝපීය නාලය හරහා ගර්භාෂය දෙසට ගමන් කරන කාලය නිගමනය කර ශුක්‍රාණු තැන්පත් කිරීම සිදු කෙරේ. ශුක්‍රාණුවල ඉතා ම ගුණාත්මක ශුක්‍රාණු තෝරා ඒවා පිරිසිදු කර තාක්‌ෂණික ක්‍රම මඟින් ගුණාත්මක භාවය වැඩිකර එම ශුක්‍රාණු ගර්භාෂ කුහරය තුළ තැන්පත් කිරීම සිදු කෙරේ. මෙහිදී ඩිම්බය සහ ශුක්‍රාණුව ළං කිරීමක්‌ සිදු වන නමුත් සංසේචනය සිදු වන්නේ ස්‌වභාවිකවය. ඩිම්බයට ඉතා ආසන්නව ශුක්‍රාණු තැන්පත් කිරීම සිදු වන බැවින් ස්‌වභාවිකව ගැබ් ගැනීමට අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණයට වඩා අඩු ශුක්‍රාණු ප්‍රමාණයකින් ගැබ් ගැනීම සිදු වීමට ඉහත කී ක්‍රමය උපකාරී වේ. එබැවින් අඩු ශුක්‍රාණු ප්‍රමාණයක්‌ ඇති පුරුෂයකුගේ ශුක්‍රාණු භාවිත කර සංසේචනයන් සිදු කරවීමට මෙම ක්‍රමය උපකාරී වේ. මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී ශුක්‍රාණු සමග අඩංගු වී ඇති සෛල කොටස්‌, අක්‍රිය ශුක්‍රාණු සහ විෂබීජ සෛල වර්ග ඉවත් කිරීම සිදුවේ. ශුක්‍ර තරඟයේ බහුලව ඇති ජල ප්‍රමණය මෙහිදී ඉවත් කෙරේ. ශුක්‍රාණු ක්‍රියාකාරිත්වයේ සහ සංඛ්‍යාවේ, යම්කිසි අඩුවක්‌ සහිත පුරුෂයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය නිතර ම යෝජනා වන අතර මෙවැනි අයට එය සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පැහැදිලිය.

Friday, February 3, 2012

වියපත් වීමත් සමඟ වෙනස්‌ වන පියයුරුවල හැඩයට ප්‍රථිකාර තිබේ

කාන්තාව සැබවිsන් ම සුන්දරය. ඇයට හිමිව ඇති සුන්දරත්වය නිසා ම අතීතයේ සිට ම පිරිමින් ආකර්ශණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත. නමුත් ඇය වයසට යාමත් සමඟ ශාරීරිකව වන විපර්යාසයන් සමඟ වියපත් වීම ඇති වන අතර එයින් ඇය අවලස්‌සන වීමක්‌ සිදුවේ. 

විශේෂයෙන් ම ශරීරයේ ඇතැම් කොටස්‌ වියපත් වීමෙන් සුන්දරත්වයට හානියක්‌ සිදුවේ. ඒවා එසේ නොවී පවත්වා ගැනීම සඳහා ප්‍රථිකාර අද ලෝකයේ ඇත. කාන්තාවන් වයසට යැමත් සමඟ වියපත් වන පියයුරු නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නූතන වෛද්‍ය විද්‍යාවේ සාර්ථක ප්‍රථිකාර ඇති බව ඔබ දන්නවාද? 

ඇතැම් කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි? 

පියයුරු එල්ලා වැටීමට බලපාන කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතර කාන්තාවකගේ සාමාන්‍ය බර වේගයෙන් අඩුවීම නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇතිවිය හැකියි. ඊට අමතරව මව් පදවියෙන් පිදුම් ලබන කාන්තාව දරුවාට කිරි දීම නිසා ද පසුකලෙක දී පියයුරු එල්ලා වැටීමක්‌ සිදුවේ. අනෙක්‌ කාරණය වන්නේ කාන්තාව වයසට යාමත් සමඟ පියයුරේ ඇති මේද ප්‍රමාණය ඉවත් වීම යි. 



මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම සඳහා බලපාන්නේ කුමක්‌ද? 

කාන්තාවගේ පියයුරු සෑදී ඇත්තේ කිරි නිෂ්පාදනය වන ග්‍රන්ථි වලින් සහ මේදය තැන්පත් වීමෙනි. පියයුරක මේදය තැන්පත් වීම 60%-70% ක්‌ වන අතර අනෙක්‌ කොටසේ පවතින්නේ ග්‍රන්ථීන් වේ. ඉහත අපි සඳහන් කළ කාරණා මඟින් මේදය ඉවත්වීම තුළින් එහි තරුණ ස්‌වභාවය වෙනස්‌ වී එල්ලා වැටීමක්‌ ඇති විය හැකි ය. මෙසේ වීමෙන් සිදුවන්නේ කාන්තාවගේ ශරීරයේ සුන්දරත්වය අඩුවීම සහ ඇඳුම් ඇදීමේ දී ලැබෙන පෙනුම නැතිවීම යි. මෙය ඇගේ පෞරුෂත්වයට හානියකි. ඇතැම් විට කාන්තාවට මානසික වදයක්‌ ඇති කිරීමට ද මෙවැනි තත්ත්වයන් බලපෑ හැකි යි. 


පියයුරක එල්ලා වැටීමේ පෙනුම වෙනස්‌ කරමින් එය යථා තත්ත්වයට පත් කළ හැකිද? 

නූතන ලෝකයේ වෛද්‍ය විද්‍යාව තුළ ඒ සඳහා ප්‍රථිකාර මෙන් ම ශල්‍යකර්ම මඟින් පෙනුම වෙනස්‌ කිරීමේ හැකියාව ද තිබේ. විශේෂයෙන් බටහිර ලෝකයේ මෙන් ම අද වන විට ආසියාතික කලාපයේ ද කාන්තාවන් මෙවැනි ප්‍රථිකාර වලට යොමු වෙමින් පියයුරු වල ස්‌වභාවය වෙනස්‌ කර ගනී.

ලංකාවේ ද මෙවැනි ප්‍රථිකාර සිදුකරනා අතර ඒ සඳහා සාමාන්‍ය මුදලක්‌ අය කෙරේ. 

අප මුලින් සඳහන් කළ පරිදි පියයුරේ ඇති මේදය ඉවත් වීමෙන් එය එල්ලා වැටෙන හෙයින් මෙහි දී සිදුකරන්නේ මිනිස්‌ ශරීරයේ වයසට නොයනා තැන් වල ඇති මේදය ගෙන නැවත පියයුරේ තැන්පත් කිරීමකි. විශේෂයෙන් බඩ, පිට, අත් යට, කලවා, ප්‍රදේශයේ ඇති තරුණ මේදය ගෙන පියයුරේ තරුණ පෙනුම ලබා ගැනීම සඳහා එන්නතක්‌ ආධාරයෙන් තැන්පත් කිරීමක්‌ සිදු කරයි. මෙය කරනු ලබන්නේ එම ප්‍රදේශය හිරිවැට්‌ටීමක්‌ මගින් පමණි.මෙම ප්‍රථිකාර ක්‍රමයේ දී ශල්‍යකර්මයක්‌ නොකර යි. සතියකින් පමණ පියයුර යථා තත්ත්වයට පත් වී තරුණ පෙනුම ඇතිවේ. සාමාන්‍යයෙන් වියපත් වීමත් සමඟ බොහෝ සේ එල්ලා වැටෙන පියයුරක්‌ සඳහා ශල්‍යකර්මයක්‌ මඟින් පියයුරේ පෙනුම වෙනස්‌ කරයි. මෙහි දී කරනු ලබන්නේ තන පුටුව වටේ ඇති කළුපාට කොටස (Areok) වටේ කැපුමක්‌ යොදා එහි හැඩය සාදා ගැනීම සිදුකරයි. මෙහි දී එම කැපුම පසුව පැහැදිලිව නොපෙනේ. එම නිසා ශල්‍යකර්මයෙන් පසුව පියයුර අවලස්‌සන නොවේ. මෙම ප්‍රථිකාර ක්‍රම දෙකෙන් ම අතුරු ආබාධ සිදු වන්නේ නැත. තරුණ කාන්තාවක්‌ නම් විවාහ වීම, දරුවන් ලබා ගැනීම සහ මව් කිරි ලබාදීම වැනි කාරණා වලට බාධාවක්‌ සිදු නොවේ. ඇතැම් විට මෙම ප්‍රථිකාර දෙක ම කෙනෙකුට එක ම අවස්‌ථාවක දී භාවිතා කළ හැකියි.